‘කම්පියුටර් ගේම්’ ගහන්න අසල්වැසි නිවසකට ගිය 13හැවිරිදි බාලවස්කාර පිරිමි දරුවාට කළ අපරාධය
Thursday, 19 November 2020 - 10:26 | Views - 293
පරිගණක ක්‍රීඩා කිරීමට (‘ගේම්’ ගහන්න) අසල්වැසි නිවසකට ගිය දහ තුන් හැවිරිදි බාලවස්කාර පිරිමි දරුවකු සිය නිවසේ දී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන උතුරුමැද පළාත් සභාවට අයත් රජයේ කාර්යාලයක සේවයෙහි නියුතු පෞද්ගලික ආරක්ෂකයකු තිරප්පනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දරුවාගේ මව විසින් තිරප්පනේ පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය තිස් එක්හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
වින්දිත දරුවා හත්වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඔහු සැකකරුගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින අයෙක්.
ඔහු දිනපතා පරිගණක ‘ගේම්’ ක්‍රීඩා කිරීමට සැකකරුගේ නිවසට ගොස් ඇති අතර මීට දින කීපයකට පමණ පෙර එසේ ගිය අවස්ථාවක දී කිසිවකුට නොපවසන ලෙස දන්වා සැකකරු විසින් එම දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් සඳහන්.
Share This Article