‘කම්පියුටර් ගේම්’ ගහන්න අසල්වැසි නිවසකට ගිය 13හැවිරිදි බාලවස්කාර පිරිමි දරුවාට කළ අපරාධය
Thursday, 19 November 2020 - 10:26 | Views - 294
පරිගණක ක්‍රීඩා කිරීමට (‘ගේම්’ ගහන්න) අසල්වැසි නිවසකට ගිය දහ තුන් හැවිරිදි බාලවස්කාර පිරිමි දරුවකු සිය නිවසේ දී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන උතුරුමැද පළාත් සභාවට අයත් රජයේ කාර්යාලයක සේවයෙහි නියුතු පෞද්ගලික ආරක්ෂකයකු තිරප්පනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දරුවාගේ මව විසින් තිරප්පනේ පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය තිස් එක්හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

වින්දිත දරුවා හත්වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඔහු සැකකරුගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින අයෙක්.

ඔහු දිනපතා පරිගණක ‘ගේම්’ ක්‍රීඩා කිරීමට සැකකරුගේ නිවසට ගොස් ඇති අතර මීට දින කීපයකට පමණ පෙර එසේ ගිය අවස්ථාවක දී කිසිවකුට නොපවසන ලෙස දන්වා සැකකරු විසින් එම දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top