ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට
Thursday, 19 November 2020 - 9:46 | Views - 316
නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එසේම, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 312 ක් අදාළ චෝදනාවලට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ යාචකයින් සම්බන්ධයෙන් අද දවසේදී බුද්ධි අංශ විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
Share This Article