ෆයිසර් එන්නත නත්තලට පෙර
Thursday, 19 November 2020 - 9:02 | Views - 1,930
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි 18 ලක්ෂ 68,000 දහස ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ වාර්තා වූ 1,900 ඉක්ම වූ මරණ සංඛ්‍යාව සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද දෙලක්ෂ 56,000 දක්වා ඉහළ ගියා.

සියලුම කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණ ආයතන මේ වනවිට ඇමරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂ 50,000 ඉක්ම වූ බව තහවුරු කරනවා.

පසුගිය සති දෙක පුරාම ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීම විශේෂත්වයක්.

ඇමරිකාවේ වත්මන් වාතාවරණය පිළිබඳව අදහස් දැක්වූ එරට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි කියා සිටියේ තම රට තීරණාත්මක අවස්ථාවක වැරදි මංපෙත්වල ගමන් කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

එමෙන්ම, ශීත ඍතුව උත්සන්න වීමත් සමඟ ජනතාව සමීපව වාසය කිරීම හේතුවෙන් ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔහුගේ අදහසයි.

කොවිඞ් 19 වසංගත තත්ත්වය උත්සන්නව තිබියදී ජනපති ට්‍රම්ප් සිය මැතිවරණ පරාජය ජයග්‍රහණයකට හැරවීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිස සිටීමද බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති කරුණක්.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට 89 ලක්ෂ 58,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 31,000 කට අධිකයි. විශේෂයෙන් දිල්ලි ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට උත්සන්න වී ඇති අතර, එහි මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පන්ලක්ෂය ඉක්මවා තිබෙනවා. එමෙන්ම, ඊයේ එහි මරණ 131 ක් වාර්තා වූයේ දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සලකුණු කරමින්.

මේ අතර, ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඞ් එන්නත බෙදාහැරීම නත්තලට පෙර සිදුකළ හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කළා. එමෙන්ම, තම එන්නත 95% ක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව අවසන් අධ්‍යයනවලින් හෙලි වී ඇති බවයි එමඟින් සඳහන් කළේ. මීට පෙර එහි ක්‍රියාකාරීත්වය 90% ක් ලෙස සටහන් වූ අතර, තවත් ඇමරිකානු සමාගමක් වන මොඩර්නා සමාගමේ කොවිඞ් එන්නත 95% ක සාර්ථකත්වයක් පවතින බව ප්‍රකාශ වුණා. ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයින්ට පවා 95% කට ආසන්න ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනවලින් හෙලි වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top