බින්ලාඩන්ගේ මෙහෙයුමට ජෝ බයිඩන් විරුද්ධ වුණා - හිටපු ජනපති ඔබාමා හෙළිකරයි
Thursday, 19 November 2020 - 8:26 | Views - 634
අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් මරා දැමීම සඳහා දියත් කළ මෙහෙයුමට උප ජනාධිපති සිටි ජෝ බයිඩන් විරුද්ධ වූ බව හිටපු ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා හෙලි කර ඇත.
එසේම හිටපු ආරක්ෂක ලේකම් රොබට් ගේස්ට්ද එරෙහි වූ බව පැවසූ ඔබාමා එම මෙහෙයුම ගැන දැන සිටියේ සුළු පිරිසක් බවද පළ කළේය.
පකිස්තාන් හමුදාව ඔසාමා සිටින ස්ථානය දැන සිටි බවද තවදුරටත් පැවසූ ඔබාමා මෙහෙයුමට පාකිස්තානය සම්බන්ධ කර ගැනීමෙන් වැලකුණු බවද අනාවරණය කර ඇත.
2011 මැයි 2 දා ඇමෙරිකානු නාවික සීල් භට පිරිසක් දියත් කළ මෙහෙයුමින් ඔසාමා බින්ලාඩන් ඝාතනය විය.
කීර්ති වර්ණකුලසූරිය
Share This Article