ජනපති ට්රම්ප් මැතිවරණ සහ සයිබර් ආරක්ෂක ප්රධානියා පහ කරයි
Thursday, 19 November 2020 - 8:16 | Views - 361
ඇමෙරිකානු ජනපති ට්රම්ප් මැතිවරණ සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ක්රිස්ටෝපර් ක්රෙබ්ස් ධූරයෙන් පහ කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ මැතිවරණ දූෂණ සිදු වී ඇති බවට ට්රම්ප් කළ ප්රකාශය ඔහු ප්රතික්ෂේප කිරීමයි. මළවුන් ජන්ද දැමීම, ජන්දය දමන යන්ත්රවල සිදු වු දූෂණ, මැතිවරණ නිරීක්ෂණයන්ට ඉඩ නොදීම යන කරුණු සිදු වී ඇති බව ට්රම්ප් පවසා තිබුණි.
එහෙත් එම චෝදනා ක්රිස්ටෝපර් ක්රෙබ්ස් විසින් තවදුරටත් ප්රතික්ෂේප කර ඇත. මෙයට පෙර ට්රම්ප් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ධූරයෙන් ඉවත් කළේය.
Share This Article