රිෂාඩ්ගේ රියදුරන් දෙදෙනාට ඇප
Thursday, 19 November 2020 - 7:26 | Views - 262
ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ රියදුරන් දෙදෙනා ඇපමත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා. ඒ, ඔවුන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් දෙදෙනා මෙලෙස මුදාහරිනු ලැබූ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ද ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, පසුගිය 13 වනදා ඔහු යළි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පවතින කොරෝනා තත්වයත් සමඟ ඔහු එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. 2019 ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කළ බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.
Share This Article