වෙරළේ ඇති අපූරු පුස්තකාලය
Wednesday, 18 November 2020 - 16:56 | Views - 344
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. යන කියමන ජනප්‍රවාදයේ පවතින්නේ එහි යම් සත්‍යතාවක් පවතින බැවිනි. ඇත්තටම මිනිසාගේ ජීවිතය ‘කියැවීම’ තුළින් සාර්ථක කර ගත හැකි බව විවිධ අධ්‍යාපනඥයින්, පර්​ෙ‌ය්ෂකයින් තහවුරු කර සිටිති. කියැවීමට වයස් සීමා නැති අතර ජාති භේද හා ආගම් භේද නැතිව පොදුවේ කාටත් කළ හැකි මිනිස් ක්‍රියාකාරකමකි.   

මිනිසාගේ ජිවිතය කියවීම තුළින් සම්පූර්ණ වුවත්, බොහෝ දේ පොත පත කියවා දැන ගැනීමට හැකියාවක් තිබුණ නමුත් අද වන විට කියවීම අඩු වී තිබේ. තාක්ෂණය දියුණු වීම එයට හේතුවක් වශයෙන් සමහර පුද්ගලයන් මත පළකරයි. නමුත් දැනුම වැඩි කරගැනීම ට අවශය අය පොත පත ඇසුරු කර ගනිමින් තමන්ගේ කියවිමේ හැකියාව වගේම දැනුම ද අලු‍ත් කර ගනි. ලෝකය තුළ තාක්ෂණය දියුණු වෙමින් පවති. ඒ වගේම කියවීමත් ඒආකාරයෙන්ම වේගයෙන් පවත්වාගෙන ගියොත් තමන්ගේ ජීවිතය සාර්ථක යහපත් ජීවිතයක් කර ගැනීමට කියවීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ.   

මනසින් දියුණු මිනිස්සු හරියට කියවනවා යැයි සමම්ත සමාජයේ කියැවුණ ද ⁣වර්තමානයේ බොහෝ දෙනෙකු පොතින් පතින් ඈත්වන යුගයක ජර්මානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන හර්මන් කොම්පෙර්නාස් විසින් ඉදිකරන ලද අපූරු පුස්තකාලයක් ගැන යුරෝපා රටකින් වාර්තා වේ.   
ලෝකයේ පිළිගත් භාෂා 15 කින් ලියැවුණු පොත් 6000ක එකතුවකින් යුතු මේ පුස්තකාලය පිහිටා ඇත්තේ ඉතා සුන්දර වෙරළ තීරයක, එළිමහනේ වීම මෙහි විශේෂත්වයකි. මේ අපූරු වෙරළ පුස්තකාලය තියෙන්නෙ බල්ගේරියාවේ කළු මුහුද අසල නිවාඩු නිකේතනයක් වන ඇල්බේනා හි ය. එය යුරෝපා සංගමයේ පළමු වෙරළ පුස්තකාලය ද වන්නේ ය.   
ලොව පුරා විවිධ භාෂා 15ක පොත් 2500කුත් ඉංග්‍රීසි භාෂාවෙන් පොත් 4000කට වඩා වැඩි සංඛාවකුත් තිබෙන මේ වෙරළ පුස්තකාලයේ ඇති සෑම පොතක්ම පොත ලියා ඇති භාෂාවේ ජාතික ධජයක සලකුණත් එක්ව සටහන්ව පවතී. මේ වෙරළ පුස්තකාලය දිග මීටර් 12කි. එහි රාක්ක 140ක් ඇති අතර පුරවැසියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙසින් තනා ඇති අතර ඒ වගේම එහි පොත් එකතුව තැබීම සඳහා සුදු පැහැයෙන් යුතු රාක්ක 140ක් හිරු රශ්මියට, සුළඟට හා වැස්සට ප්‍රතිරෝධී වන විශේෂ ද්‍රව්‍යයකින් සාදා ඇති අතර, වැසි වැටෙන විට පොත් පෙට්ටි වයිනයිල් ආවරණයක් මඟින් ආරක්ෂා කර ඇත්තේය.   

තමන්ට මුහුදේ පීනල ඇවිත් ලද විවේකයේ දී මේ වෙරළ පුස්තකාලයේ තිබෙන පොතක් සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න බැරි වුණ අයෙකු වේ නම් ඔහුට හෝ ඇයට අවසරය තියෙනව ඒක කියවා යළි ගෙනත් දෙන පොරොන්දුවක් පිට ගෙදර රැගෙන යාමට.   

ඔවුන්ගේ ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරකයින් අතර කියවීම වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඇල්බෙනා බීච් පුස්තකාලය නිරන්තරයෙන් පුළුල් වන අතර අමුත්තන්ට ඔවුන්ගේ පොත් අන් අයට භුක්ති විඳීමට පරිත්‍යාග කිරීමට දිරිගන්වන්නේ කිසිදු ගාස්තුවක් අය නොකරමිනි.   

 
Travel away me වෙබ් අඩවිය ඇසුරෙනි......
සටහන - තිළිණි

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top