හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි
Wednesday, 18 November 2020 - 13:48 | Views - 369
හෝමාගම - ගලවිලවත්ත ජල පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 9 සිට පැය 10 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස හෙට රාත්‍රී 9 සිට අනිද්දා පෙරවරු 7 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
මේ අතර, මොරටුව ජල පොම්පාගාරයේ නල මාර්ගයක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් නිසා අනිද්දා පස්වරු 8 සිට පසුදා පෙරවරු 8 දක්වා පැය 12 ක කාලයක් මොරටුව මහනගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති.
Share This Article