හුදකලා ප්‍රදේශවල ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්
Wednesday, 18 November 2020 - 13:03 | Views - 1,077
හුදකලා ප්‍රදේශවල සිටින ජනතාව තවදුරටත් නිවෙස්වලම රැදී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නිරෝධායන නීති කඩන්නන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.
එමෙන්ම, පසුගිය දින කිහිපයේදී ඩ්‍රෝන කැමරා උපයෝගි කර ගනිමින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාගරිකා දුම්රිය අද උදෑසන පානදුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර, පසුව එහි පැමිණි මගීන් සෞඛ්‍යාරක්ෂිතව වෙනත් දුම්රියකින් කොළඹ බලා පිටත් කර එවා තිබුණා.
Share This Article