කෙන්යානු ඔලිම්පික් ශූරයාට දූෂණ චෝදනාවක්
Wednesday, 18 November 2020 - 11:03 | Views - 387
කෙන්යානු ඔලිම්පික් ශූර කොන්සෙස්ලස් කිප්රුටෝ විසින් බාල වයස්කාරියක් දූෂණ ය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එ් අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට ගනු ලැබූ කොන්සෙස්ලස් කිප්රුටෝ එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
 
 2016දී පැවැති රියෝ ඔලිම්පික් තරගාවලියේදී මීටර් 3000 ස්ටීපල්චේස් මලල කී‍්‍රඩා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ 25 හැවිරිදි කොන්සෙස්ලස් කිප්රුටෝ වයස අවුරුදු 16ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වැනිදා අත් අඩංගුවට ගෙන තිබිණි. කෙන්යානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට කොන්සෙස්ලස් කිප්රුටෝ විසින් අවස්ථා දෙකකදී අදාළ දැරිය දූෂණය කර තිබෙන අතර අධිකරණය හමුවේදී කිප්රුටෝ විසින් එම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් ඩොලර් 1800ක ඇප මත මුදාහැර තිබේ.
 
 කෙසේ වෙතත් අදාළ නඩුව නැවතත් ලබන 2021 මැයි මාසයේදී විභාගයට ගැනීමට නියමිත අතර එහිදී කොන්සෙස්ලස් කිප්රුටෝ වැරදි කරු බවට සනාථ වුවහොත් එරට නීතියට අනුව වසර 20ක සිර දඬුවමකට යටත්වීමට කොන්සෙස්ලස් කිප්රුටෝ හට සිදු වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top