දිගන ප්‍රදේශයේ භූමියේ සුළු සෙලවීමක්
Wednesday, 18 November 2020 - 10:22 | Views - 335
මහනුවර - දිගන ප්‍රදේශය ආශ්‍රිතව භූමියේ සුළු සෙලවීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
එහි සභාපති අනුර වල්පොල හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අද පෙරවරු 9.28 ට පමණ සිදුව ඇති මෙය පල්ලෙකැලේ මධ්‍යස්ථානයේ ද වාර්තා වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළා.
Share This Article