මොරටුවේ කාන්තාවකගේ මළසිරුරක් අම්බලන්ගොඩ වෙරළ තීරයට
Wednesday, 18 November 2020 - 9:14 | Views - 887
අම්බලන්ගොඩ රන්දොඹේ වෙරළ තීරයට අද (17) රාත්රියේ ගොඩ ගසා තිබූ කාන්තා මළසිරුරක් සොයා ගත් බව අම්බ්ලන්ගොඩ පොලීසිය කියයි.
මොරටුව පල්ලෙබැද්ද ප්රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි ඩෝරා මෙන්ඩිස් නමැත්තියෙගේ මළසිරුර මෙසේ සොයා ගත් බවද පොලීසිය කියයි.
මොරටුව ප්රද්ශයේ පදිංචි කාන්තාවකගේ මළ සිරුරක් අම්බලන්ගොඩ වෙරල තීරයක ගොඩ ගසා තිබීම දැඩි සැකයට තුඩුදුන් කාරණයක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තියට කොරෝනා ආසාධනය වී ඇත්දැයි සෙවීම සදහා පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන බවද පොලීසිය කියයි.
මේ කාන්තාවගේ දේහය බලපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස මිය ගිය තැනැත්තියගේ මරන පරීක්ෂණය සදහා ඇය ගොඩ ගසා තිබූ වෙරළ තීරයට පැමිණි බලපිටිය මූලික රෝහල් මරණ පරීක්ෂිකා කේ. වගාඅරච්චි මහත්මිය පොලීසියට නියෝග කළාය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එම්. සුසිල් ප්රියන්ත
ලංකාදීප
Share This Article