පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට ලක් කර සිටි රැඳවියෙකු පළා යයි - තවත් රැඳවියෙකු මරුට
Wednesday, 18 November 2020 - 8:32 | Views - 614
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යෑමට තැත්කළ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ප්‍රකාශ කළා.

නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් පස් දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළා යෑමට උත්සාහ කර ඇති අතර, ඉන් එක් අයෙකු පළාගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයයි. ඒ අතුරෙන් මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අයෙකු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල බන්ධනාගාර අධිකාරීවරයා පත්කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top