ඇමරිකානු ජනපතිවරණය ගැන සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරයි
Wednesday, 18 November 2020 - 8:28 | Views - 272
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇමරිකානු සෙනෙට් මණ්ඩලය ඊයේ ඒවායේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළා.

ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට බලය පවතින සෙනෙට් මණ්ඩලය ඊට පෙර බලපෑම් කළේ ස්වෙච්ඡාවෙන් පෙනී නොසිටින්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවටයි.

විශේෂයෙන් ජනපතිවරණයේදී ජනපති ට්‍රම්ප් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පැතිර වූ අසත්‍ය ප්‍රචාරවලට ලේබල් ඇලවීම සම්බන්ධයෙන් ට්වීටර් සහ ෆේස්බුක් ප්‍රධානීන්ගෙන් සෙනෙට් මණ්ඩලය ප්‍රශ්න කර තිබෙනවා.

ෆේස්බුක් ප්‍රධානී මාක් සකර්බර්ග් සහ ට්වීටර් නිර්මාතෘ ජැක් ඩෝර්සි එහිදී කියා සිටියේ හානිකර සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවිය හැකි ප්‍රචාර වැළැක්වීමට තමන් පියවර ගත් බවයි.

ජනාධිපතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලැබුවද තවදුරටත් තමා ජයග්‍රාහකයා බවට ජනපති ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශවලටද ෆේස්බුක් සහ ට්වීටර් සමාජ මාධ්‍ය තවදුරටත් විශේෂ සටහන් එක් කරන්නේ ඒවායේ සත්‍යතාව මතභේදකාරී බව පවසමින්.

එවැනි ප්‍රකාශයන් පමණක් ප්‍රමාණවත් නොවන බවට ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් නැගූ තර්කද සමාජ මාධ්‍ය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top