ඇමරිකානු ජනපතිවරණය ගැන සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරයි
Wednesday, 18 November 2020 - 8:28 | Views - 273

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇමරිකානු සෙනෙට් මණ්ඩලය ඊයේ ඒවායේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළා.
ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට බලය පවතින සෙනෙට් මණ්ඩලය ඊට පෙර බලපෑම් කළේ ස්වෙච්ඡාවෙන් පෙනී නොසිටින්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවටයි.
විශේෂයෙන් ජනපතිවරණයේදී ජනපති ට්‍රම්ප් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පැතිර වූ අසත්‍ය ප්‍රචාරවලට ලේබල් ඇලවීම සම්බන්ධයෙන් ට්වීටර් සහ ෆේස්බුක් ප්‍රධානීන්ගෙන් සෙනෙට් මණ්ඩලය ප්‍රශ්න කර තිබෙනවා.
ෆේස්බුක් ප්‍රධානී මාක් සකර්බර්ග් සහ ට්වීටර් නිර්මාතෘ ජැක් ඩෝර්සි එහිදී කියා සිටියේ හානිකර සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවිය හැකි ප්‍රචාර වැළැක්වීමට තමන් පියවර ගත් බවයි.
ජනාධිපතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලැබුවද තවදුරටත් තමා ජයග්‍රාහකයා බවට ජනපති ට්‍රම්ප් සිදුකරන ප්රකාශවලටද ෆේස්බුක් සහ ට්වීටර් සමාජ මාධ්‍ය තවදුරටත් විශේෂ සටහන් එක් කරන්නේ ඒවායේ සත්‍යතාව මතභේදකාරී බව පවසමින්.
එවැනි ප්‍රකාශයන් පමණක් ප්‍රමාණවත් නොවන බවට ඩිමොක්රටික් සෙනෙට් සභිකයින් නැගූ තර්කද සමාජ මාධ්‍ය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කළා.
Share This Article