අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට
Wednesday, 18 November 2020 - 8:10 | Views - 276
2021 අයවැය දෙවන වර කියවීමේ විවාදය අදින් ආරම්භ වනවා. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමටයි නියමිතව ඇත්තේ.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන සෙනසුරාදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතයි. එසේම, 2021 අයවැය, කාරක සභා අවස්ථාව ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්රියාත්මක වනවා.
තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි. 2021 අයවැය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
Share This Article