අයවැයෙන් කොවිඩ් රක්ෂණ ක්‍රමයක් යෝජනා කෙරේ
Tuesday, 17 November 2020 - 15:36 | Views - 330
ඉදිරියේදී කොවිඩ් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ ලබන වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
එමෙන්ම, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව, ගාල්ල යන දිස්ත්‍රික්ක පහේ තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ඉදිරි වසර පහ තුළ කෘෂිකර්ම, සත්ව හා ධීවර කටයුතුවලින් සිදුකරන ඉපැයීම්, ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා.
අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී සඳහන් කළේ තොරතුරු තාක්ෂණ හා සියලු දේශීය සහ විදේශීය සැපයීම් මෙන්ම නේවාසිකව හා විදෙස්ගතව උපයනු ලබන විදේශ ආදායම් ද ආදායම්බදු වලින් නිදහස් කර ඇති බවයි.
මේ අතර, ලබන වසරේ අප්‍රේල් පළවනදා සිට සියලු සමාගම්, ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article