ගැහැනියක් වුණත් උපතින් පිරිමියෙක් වූ මිකී ලොවම මවිත කරවමින්, සිය පළමු දරුවා බිහිකිරීමට සූදානම් වෙයි
ඇගේ නම මිකී චැනල්.. ඇය 18 හැවිරිදියි. ඇත්තෙන්ම උපතින් ඈ පිරිමි කෙනෙක් වුණත්, දැන් ඇය කාන්තාවක්.
Transgender කෙනෙක්.., එහෙම නැත්තම්, සරලවම අපි කිව්වොත්, "ගැහැණියක්" බවට පරිවර්තනය වුනු පිරිමි කෙනෙක්ව අපි හඳුන්වන්නේ ඒ නමින්.
ඇයත් ඒ "ගොනුවට" අයිතියි. හැබැයි මේක ටිකක් වෙනස් විදිහේ කතාවක්...
ඇය පිරිමි ලිංගේන්ද්‍රියක් සමඟ උපත ලැබුවත් ඇගේ අභ්‍යන්තරයේ කාන්තා ප්‍රජනක අවයව පිහිටා තිබුණා.
ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි බොස්ටන් කියන ප්‍රදේශයේ පදිංචි මිකී චැනල්ට ඇගේ ශරීරයේ සිද්ධ වෙන අසීමිත වෙනස, කුඩා කාලයේ පටන් දැනෙන්නට වුණා.
ඇය පිරිමි දරුවෙකු සේ හැදී වැඩුණත්, තමන් අන් පිරිමි දරුවන්ට වඩා වෙනස් කෙනෙක් විදිහටයි ඇයට හැඟී ඇත්තේ.
ඇය මවගේ ගර්භාෂයේ සිටියදී පරීක්ෂණ-වලින් තහවුරු වී ඇත්තේ මිකී ගැහැණු දරුවෙකු ලෙස ඉපදීමට යන බවයි. නමුත් පුදුමයකට වගේ ඇය උපත ලබන්නේ පිරිමි ලිංගේන්ද්‍රියක් සමඟින්.
මෙයින් ඇගේ දෙමව්පියන් මහත් කම්පනයට පත්ව ඇති බව සඳහන්.
"මට කවදාවත් මාව පිරිමි ළමෙයක් වගේ දැණුනේ නැහැ. මට මුලින් මුත්‍රා කිරීමෙන් පසුව වගේම ලිංගිකව හැසිරීමෙන් පසුවත් අමුතු හැඟීමක් ඇති වුණා.." ඇය කියනවා.
"ඔවුන් මට කියනවා, මට ගැබ් ගෙලක්, ඩිම්බ කෝෂ, ගර්භාෂය සහ පැලෝපීය නාල ඇති බව. ඒ කියන්නේ මම ගැබ් ගන්න පුළුවන් බව.."
"මම ඇත්තටම හිතුවේ ඒක විහිළුවක් කියලයි. මම දැනගෙන හිටියේ නැහැ මේක වෙන්න පුළුවන් කියලා. මම ඒ ගැන ඇහුවම ඔවුන් මගේ ගර්භාෂය, තිරය මත පෙන්නුවා.."
"සති කිහිපයක්ම මම හිටියේ කම්පනයෙන්.."
දැන් මාස හතරක ගැබිනියක් වන මිකී තමන්ගේ දරුවා ගැන මහත් බලාපොරොත්තු දල්වාගෙනයි මේ මොහොත වන විටත් සිටින්නේ.
Dailymail ඇසුරිනි.


