2021 ඇයවැය කතාව ඇරඹෙයි
Tuesday, 17 November 2020 - 14:01 | Views - 359
2021 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය වාර්තාව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙරට 75 වන අයවැය වාර්තාව වන ඒ තුලින් 2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2678 ක්.

අග්‍රාමාත්‍යවරයා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු හෙට සිට 21 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 5 ට පැවැත්වෙනවා.

එමෙන්ම, අයවැය කාරක සභා අවස්ථාව 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක අතර, තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2021 අයවැය හිරු TV ඔස්සේ සජීවීව නැරඹීමට මේ වනවිට හැකියාව පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top