රිෂාඩ්, හිටපු යුද හමුදාපතිට දුන් ඇමතුම පාස්කු කොමිසමේදී හෙළිවෙයි
Tuesday, 17 November 2020 - 13:57 | Views - 405
පාස්කු ප්‍රහාරයට පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණකින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා තමන්ට අවස්ථා තුනකදී ඇමතුම් ලබාදුන් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට පසු දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවගේ නිවෙසට එවක අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් අවස්ථා කිහිපයකදී පැමිණ තිබූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ හෙළි වුණා.

ඒ දෙහිවල ගල්කිස්ස 'උද්‍යානය කොට්ඨාස' භාර ග්‍රාම නිලධාරිවරයා කොමිසමට දුන් සාක්ෂි මඟින්.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා එවක යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා තුනකදී දුරකතනයෙක් විමසා තිබූ බවද පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ අනාවරණ වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා ජනාධිපති කොමිසම ඊයේ පස්වරුවේ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් දෙවන දිනටත් සාක්ෂි විමසුවා.

කොවිඩ් -19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණ සාක්ෂි ලබාදීමට නොහැකි නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සිට හිටපු යුද හමුදාපතිවරයා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධ වූයේ මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 5.10ට පමණ.


(2020 ඔක්තෝබර් 7 ගැෆික් එකක් හදලා තියෙනවා මහේෂ් සේනානායක ස්ක්‍රීන් එකක දාලා. ඒක පාවිච්චි කරන්න. සාක්ෂි කූඩුවෙ කවුරුත් නැහැ.)

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් විමසුවේ, පාස්කු ප්‍රහාරයට පසු එහි විමර්ශන සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් දේශපාලකයින් විමසීම් කළේද යන්නයි.

ජෙනරාල් මහේෂ් සේනානායක - හිටපු යුද හමුදාපති

" 2019 අප්‍රේල් 21 ත් 25ත් අතර කාලය තුළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මට දුකතනයෙන් කතා කළා. එතුමා ඇහුවා දෙහිවල ප්‍රදේශයෙන් අහමඩ් කියලා කෙනෙක් අත්අඩංගුවට ගත්තද කියලා. මං කිව්වා 'එහෙම කිව්වට මතකයක් නැහැ. හොයල බලලා කියන්නම්' කියලා. ආයෙත් පැය කිහිපයකට පසු රිෂාඩ් බදියුදීන් මහත්තයා ඇමතුමක් අරන් ඇහුවා හොයාගත්තද කියලා. මං කිව්වා 'මට මේ ළමයා ගැන හොයනවට වඩා වැඩ තියෙනවා. මං හොයලා කියන්නම්' කියලා. එතුමා මට කිව්වා 'මේ ඇරස්ට් කරපු කෙනා මගේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක සාමාන්‍යාධිකාරී කෙනෙක්ගෙ පුතෙක්' කියලා. මම මේ ගැන සොයාබැලීමක් කළා. දෙහිවල ප්‍රදේශයෙන් ඉස්හාම් අහමඩ් නමැත්තකු අත්අඩංගුවට ගත් බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මට කිව්වා. ආයෙත් තුන්වෙනි පාරටත් රිෂාඩ් බදියුදීන් මට කතා කළා. ඒ වෙනකොට ඒ සැකකරු අපි සොයමින් ඉන්න විශාල ජාලයකට සම්බන්ධ බව මම දැනගෙන හිටපු නිසා බදියුදීන් අමාත්‍යවරයාගේ ඇමතුමට සැරෙන් උත්තර දීලා කිව්වා 'ඔබතුමා මට දැන් නෙවෙයි තව අවුරුදු දෙකකින් විතර කතාකරන්න. අපි මොහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරනවා. මට ඒකට බලය තියෙනවා' කියලා. "

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -

" හිටපු හමුදාපතිතුමාට මොකද හිතුනේ මේ ඇමතිතුමාගේ ඇමතුම ගැන ?"

ජෙනරාල් මහේෂ් සේනානායක - හිටපු යුද හමුදාපති -

" මම හිතනවා සැකකරුව මුදාගන්න වෙන්න ඇති කතා කළේ. එතුමා හිතන්න ඇති මම අහයි කියලා මොකක්ද වෙන්න ඕනෙ කියලා. රටේ වගකිවයුතු නිලධාරියකු විදියට මම කිසිසේත් එවැන්නක් කරන්නෙ නැහැ. තුන්වෙනි ඇමතුමේදී 'අඳුරන කෙනෙක් නිසා මොකක් හරි කරන්න පුළුවන් ද' වගේ තමයි කතා කළේ. එතුමාගේ යටි අරමුණ වුණේ ඒක "

මහේෂ් සේනානායක මහතාගෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව තවදුරටත් සාක්ෂි මෙහෙයවූ අතර එය මාධ්‍යයට විවෘත වූයේ නැහැ.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීම අද පෙරවරුව දක්වා කල්තැබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top