නුගේගොඩ ප්රදේශයේ රිය අනතුරකින් තරුණයෙකු සහ තරුණියක ජීවිතක්ෂයට
Tuesday, 17 November 2020 - 12:35 | Views - 857
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ විජේරාම මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු සහ තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ විජේරාම මංසන්ධියේ සිට මහරගම දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ශ්රී ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
බස් රථය, ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිකරුට එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී පසුව බස් රථයේ ගැටී ඇති බව සඳහන්.
සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් මතුගම ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ 22 හැවිරිදි වැලිමඩ ප්රදේශයේ පදිංචි ජිවිතක්ෂයට පත්වුණා.
Share This Article