2021 අයවැය සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි
Tuesday, 17 November 2020 - 11:40 | Views - 316
021 අයවැය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
ලබන වසර සඳහා වන අයවැය යෝජනා ඇතුලත් කතාව පැවැත්වීම අද පස්වරු 1.40ට සිදුකිරීමට නියමිතයි.
එය මෙරට 75 වන අයවැය වාර්තාවයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය සජීවීව හිරු TV ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.
අයවැය දෙවන වර කියැවීමේ විවාදය හෙට සිට 21 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.
අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ තෙවන වර
කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2678.04ක්.
Share This Article