රූමස්සල ගල් පරයක සිරවී ඇති නෞකාව ඉවත්කර නොගතහොත් නීතිමය ක්‍රියාමාර්ග
Tuesday, 17 November 2020 - 10:09 | Views - 1,343
රූමස්සල ගල් පරයක සිරවී ඇති නෞකාව ලබන අප්‍රේල් මාසය වනවිට ඉන් ඉවත්කර නොගතහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

පසුගිය වසරේ ජුලි 18 වන දින ඇතිවූ දැඩි සුළඟකින් ගාල්ල පිටත වරායේ නැංගුරම් ලා තිබූ, ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට අමුද්‍රව්‍ය ගෙන එන ලද “ශ්‍රී ලංකා ග්ලෝරි”‍ නම් වූ මෙම නෞකාව ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසල ගල්පරයක සිරවී තිබුණා.

නැවේ තෙල් විසිරී සමුද්‍ර දුෂණ වැලැක්වීම සදහා සමුද්‍ර දුෂණ වැළක්වීමේ අධිකාරිය, නැවේ තිබු තෙල් ටොන් 22ක් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

පසුගිය කාල සීමාව තුලදී මෙම නෞකාව ඉවත්කර ගැනීමේ යම් අපහසුතා ඇති වුවද, ලබන අප්‍රේල් දක්වා කාල සීමාව තුළ මුහුද රළු බවෙන් තොර නිසා නැව ඉවත් කර ගැනීමට හැකියාව පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දුන්නා.  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top