දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුර 14,000 ඉක්මවයි
Tuesday, 17 November 2020 - 9:19 | Views - 303
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ තවත් තුන්දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියයාමත් සමගයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් ඊයේ මියගොස් තිබූ අතර, ඇය මියයාමට හේතුව ලෙස දක්වා තිබුණේ දියවැඩියා රෝගය සමග කොවිඩ් වෛරසය ආසාදනය වීමයි.

එමෙන්ම, මරදාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකුද අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ මියගියා.

ඔහුට නිධන්ගත වකුගඩු රෝගයක් සහ ආඝාත රෝගී තත්ත්වයක් පැවති බවත්, කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව සඳහන් කළා.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75 ක පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගිය අතර, එම මරණයට හේතුව ලෙස දක්වා තිබුණේ දියවැඩියාව, සංජානනීය හෘද රෝගය සහ කොවිඩ් ආසාදනය වීම උත්සන්න වීමයි.

මේ අතර, මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 382 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඞ් පොකුරේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 ක් බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 12,000 කට ආසන්න වී තිබෙනවා.

ඊයේ දිනයේදී සුවය ලැබූ ආසාදිතයින් 311 දෙනාද සමඟින් මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,806 ක්.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ දැඩි සත්කාර ඒකක 15 ක් ද මේ වනවිට සූදානම් කර ඇති අතර, ඊට ඇඳන් 146 ක් ඇතුළත් බවයි.  

මේ අතර, පිටකෝට්ටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා.   

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා 3 කින් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ දිනයේ දී වාර්තා වූ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා කියා සිටියා.

ඒ අනුව, මේ දක්වා කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 28 කින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 457 ක්.

එමෙන්ම, බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, දැනට බූස්ස බන්ධනාගාරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ යනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top