කාන්තාවක බෙදා ගන්න බැරිව කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනා ආරවුලක
Tuesday, 17 November 2020 - 9:08 | Views - 2,289
විවාහක කතක් සමග සමීප ඇසුරක් පැවැත්වූ බව කියන ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු අතර එම කාන්තාව සම්බන්ධයෙන් පැවති ආරවුල දුරදිග යෑමෙන් පසු එක් ව්‍යාපාරිකයකු විසින් තම ගෝල බාලයන් සමග මඟ රැක සිට අනෙක් අ්‍යාපාරිකයා තියුණු අවිවලින් කපා කොටා ඝාතනය කිරීමට තැත් කොට පළා යෑමේ සිද්ධියක් පිළිබඳව මීගමුව පොලිසියෙන් පෙරේදා (15) වාර්තා වේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා කොච්චිකඬේ ප‍්‍රදේශයේ ධනවතුන්ය. එක් අයකු වාහන සේල් හිමියකු වන අතර අනෙකා මහා පරිමාණයෙන් වැලි අලෙවි කිරීමේ ජාවාරමේ යෙදෙන කෝටිපතියෙකි. මොවුන් දෙදෙනා විවාහක කතක් සමග සමීප ඇසුරක් පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව දෙදෙනා අතර විරසක වීම් සිදුව ඇත. පසුව වාහන සේල් හිමියා තම බිරිඳගේ නිවසට යන අවස්ථාවේ ගෝලයන් දෙදෙනකු සමග මඟ රැක සිටි වැලි ව්‍යාපාරිකයා මීගමුව පෙරියමුල්ල මාක් පාර ප‍්‍රදේශය පසු කර යමින් සිටි වාහන සේල් හිමියා තියුණු අවිවලින් සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමට තැත් කොට ඇත. එහිදී වාහන සේල් හිමියා මියගොස් ඇතැයි සිතූ වැලි ව්‍යාපාරිකයා තම ගෝලයන් දෙදෙනා සමග ප‍්‍රදේශය අත්හැර ගොස් සැඟවී ඇත. මරණාසන්න තත්ත්වයේ පසු වූ වාහන සේල් හිමියා මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලට ඇතුළත් කොට ඇත.

එහිදී තත්ත්වය බරපතළ වූවෙන් වාහන සේල් හිමියා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත. පලා ගොස් සැඟව සිටින වැලි ව්‍යාපාරිකයා සහ ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් වතුලියද්ද සහ පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් යන මහත්වරුන් විසින් පුළුල් විමර්ශන අරඹා ඇත.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top