3වන පාසල් වාරය ආරම්භ කිරීම ගැන තීන්දුව සෞඛ්‍ය නිර්දේශ වලින් පසු
Tuesday, 17 November 2020 - 9:01 | Views - 867
3 වන පාසල් වාරය ලබන සඳුදා ආරම්භ කරන්නේ ද යන්න පිළිබඳව තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර විධිමත් වැඩපිලිවෙලක් සකස් කරන බවයි.
විශේෂයෙන් කුඩා දරුවන් පාසල්වලට ගෙන්වා ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article