විවාහක කතකට නරුම වැඩක් කළ පුද්ගලයින් 05ක් මාට්ටු
Tuesday, 17 November 2020 - 8:45 | Views - 455
විසි එක් හැවිරිදි විවාහක කාන්තාවක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු  අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18,19,20,24,30 වයස්වල පසුවන පස් දෙනෙකි. මෙම කාන්තාවගේ සැමියා කොළඹ රැකියාව කරන අතර එහිදී ඇතිවූ ප්‍රේමසම්බන්ධයක් මත විවාහවී සැමියාගේ ගම් ප‍්‍රදේශය වන ඉමදුවට පැමිණ ඇති බවත් එසේ පැමිණ ටික දිනකින් එම ගමේම වෙනත් තරුණයෙකු සමග ඇය අනියම් සම්බන්ධයක් ඇතිකරගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

මේ අතර තිස් හැවිරිදි සැකකරු තවත් සැකකරුවෙක් සමග නිවසට පැමිණ ඇයගේ අකමැත්ත පිට අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර අනෙක් සැකකරු විසින් එය වීඩියෝ ගතකර ඇති බවත් පසු දිනෙකද සැකකරු පැමිණ ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් ඉකුත් 29වැනි දින පස් දෙනෙකු පැමිණ ඇති බවත් පසුව ඇය බේරිමට නොහැකිවූ නිසා පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර, පොලිස් පරීක්ෂක වීරවර්ධන යන මහත්වරු ඇතුලූ නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අහංගම සුගතපාල දීයගහගේ
 
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top