95%ක සාර්ථකත්වයක් සහිත කොවිඩ් එන්නතක් ඇමරිකාවෙන්
Tuesday, 17 November 2020 - 8:15 | Views - 592
95% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන කොවිඞ් 19 එන්නතක් ඇමරිකානු මොඩර්නා සමාගම මඟින් නිෂ්පාදනය කර තිබෙනවා.

එම පුවත ඊයේ වාර්තා වූයේ ෆයිසර් සහ බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත 90% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර දින කිහිපයක් ඇතුළතයි.

එමෙන්ම, සතියක් තුළ වාර්තා වූ තවත් සුබවාදී පුවතක් වූයේ රුසියානු ස්පුට්නික් ෆයිව් එන්නතද 92%ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමයි.

මෙම එන්නත් තුනම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර, මොඩර්නා සමාගම සඳහන් කළේ සිය එන්නත සඳහා ඇමරිකානු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරන බවයි.

එන්නත ලබාදුන් 30,000 ක් පුද්ගලයින් අතරින් කොවිඩ් 19 ආසාදන ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ 5% කට අඩු ප්‍රමාණයක්.

එමෙන්ම, වයස්ගත පුද්ගලයින්ටද එන්නත සාර්ථක අන්දමින් ක්‍රියාකාරී වීම විශේෂත්වයක්.

මොඩර්නා එන්නත සෙල්සියස් අංශක ඍණ විස්සක උෂ්ණත්වයේ මාස 06 ක කාලයක් සහ සාමාන්‍ය ශීතකරණයක මාසයක පමණ කාලයක් ගබඩා කළ හැකියි.

මොඩර්නා කොවිඩ් 19 එන්නත මගින් වෛරසයේ ජාන කේත හෙවත් ආර්.එන්.ඒ. මාත්‍රාවක් ශරීරයට ඇතුළත් කෙරෙනවා.

එමඟින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිදේහ සහ ටී සෛල වර්ධනය කිරීම එහි යාන්ත්‍රණයයි.

මෙම එන්නත මගින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්.

එහෙත්, මොඩර්නා එන්නත මෙන්ම ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත සහ රුසියානු ස්පුට්නික් එන්නත මගින් ලබන ප්‍රතිශක්තිය කොතෙක් කල් පවතීද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, මෙම කොවිඩ් 19 එන්නත් මගින් කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමෙන් ඉදිරි වසර තුළදී ලෝකවාසීන්ට මිදීමට හැකියාවක් ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top