ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට දුරකථනය තීරණය කරයි
Tuesday, 17 November 2020 - 7:14 | Views - 326
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩයනා ගමගේ වෙත යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්‍රකාශකිරිමට සමගි ජන බලවේගය ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බවයි.
Share This Article