ඔලිම්පික් උළෙලට ප්‍රේක්ෂක සහභාගිත්වය ගැන බලාපොරොත්තුවක්
Monday, 16 November 2020 - 16:56 | Views - 265
ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි කරවා ගැනීමට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී තෝමස් බාහ් ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලුම ප්‍රේක්ෂකයන් එහි පැමිණීමට පෙර කොවිඞ් එන්නත්කරණය ලබා සිටිය යුතු බවයි.

ඔලිම්පික් කමිටු ප්‍රධානියා මේ වනවිට ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ටෝකියෝ නුවරට පැමිණ සිටිනවා.

මේ වසරේ ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උලෙල ලබන වසරේ ජූලි මාසය දක්වා කල් දමනු ලැබූයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන්.

ඒ සඳහා රටවල් 200 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top