සුදුසුකම් සපිරූ සංචාරක රියදුරන්ට රුපියල් 15,000 දීමනාව සතියක් තුළ ගෙවන්නැයි ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්
Monday, 16 November 2020 - 15:46 | Views - 368
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුරන් සඳහා රජය ලබාදෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවීමට වහා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ සඳහා ඉල්ලුම් කර සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාට ඉදිරි සතිය තුළ මෙහි ගෙවීම් කටයුතු සිදුකර අවසන් කරන ලෙසටයි අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වෙත උපදෙස් ලබාදී ඇත්තේ.
Share This Article