ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් 30,500ක්
Monday, 16 November 2020 - 14:38 | Views - 312
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 30,548 ක් වාර්තා වී ඇති අතර, එය පෙරදිනට වඩා 25% ක අඩුවීමක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඇතැම් විට මෙම පහත වැටීමට හේතුව කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී පවතින දිල්ලිය ඇතුළු ප්‍රාන්ත දීපවාලි උත්සවය හේතුවෙන් පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම විය හැකි බව සඳහන්.
එමෙන්ම, ඊයේ වාර්තා වූයේ මාස 04 කින් ඉන්දියාවේ අඩුම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාවයි.
30,000 ට අඩු දෛනික ආසාදිතයින් අවසන් වරට වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි 15 වැනිදායි.
ඊයේ දිනය තුළ වාර්තා වූ මරණ 435 ත් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 130,000 ඉක්මවනවා.
Share This Article