කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් අනතුරු ඇඟවීමක්
Monday, 16 November 2020 - 14:29 | Views - 1,460
නොවැම්බර් මාසයේ ගතවූ පළමු දින 14 තුළදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභා සීමාවේ විශාල අවදානමක් පවතින බවයි.

මේ අතර, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 704 දෙනා අතරින් 701 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් වනවා.

වාර්තා වූ අනෙක් ආසාදිතයින් තුන් දෙනා විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

දේශීයව වාර්තා වූ ආසාදිතයින් 701 දෙනා අතරින් 541 ක් වූ වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ 39 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ 08 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක්.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17,287 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,495 ක්.

තවදුරටත් ආසාදිතයින් 5,734 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය සහ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව මේ මස 06 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙම සැකකරුවන් 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බූස්ස බන්ධනාගාරය වෙත යොමුකිරීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එය තහවුරු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර, ඔවුන් අද දිනයේදී ස්වයං නිරෝධායනයට ලක් කරන බව දකුණු කළුතර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top