හොර සල්ලි අච්චු ගැසූ ව්‍යාජ ගුවන් යානා ඉංජිනේරුවරයා මාට්ටු
Monday, 16 November 2020 - 13:33 | Views - 373

ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට වසර 10 කට පමණ පෙර කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
ඔහු වෙන්නප්පුව, ලුනුවිල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම පුද්ගලයා විසින් අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින්, විවාහ තුනක් සිදු කරගනිමින් කටුනායක, කෝවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
අදාළ සැකකරු ආසියාවේ හොදම ගුවන් යානා ඉංජිනේරුවරයා තමන් ලෙසද ව්‍යාජ සහතික සහ රන් පදක්කම් සකස් කරගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඔහු සිය පළමු විවාහය වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක සමග සිදු කර ගෙන ඇති අතර, දෙවන විවාහය රත්නපුර ප්‍රදේශයේ ධනවත් කාන්තාවක සමග සිදු කර ගෙන ඇති අතර තුන්වන විවාහය මොරටුව ප්‍රදේශයේ තවත් ප්‍රබල ධනවත් කාන්තාවක සමග සිදුකරගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.
ඒ සෑම විවාහයක්ම තමන් ලොව කීර්තිමත් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු බවට රවටා සිදුකරගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු විසින් මුද්‍රණය කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත් පරිගණක උපකරණ, ඔහු සතුව තිබූ ව්‍යාජ සහතික පත්‍ර, ව්‍යාජ රන් පදක්කම්, ව්‍යාජ සේවා හැදුනුම්පත් ඇතුළු තවත් උපකරණ සහ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article