විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 97දෙනෙකු දිවයිනට
Monday, 16 November 2020 - 11:59 | Views - 753
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 97 දෙනෙකු අද කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියා.
එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවල සේවය කිරීම සඳහා සුඩානය වෙත ගොස් ඉතියෝපියාවේ සිට අද අලුයම 2 ට පැමිණි ශ්‍රී ලාංකික හමුදා නිලධාරින් 79 දෙනෙකු ද ඊට අයත්.
එමෙන්ම, අද අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු සහ පෙරවරු 9.10ට පමණ පාකිස්ථානයේ ලාහෝර් සිට ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියා.
Share This Article