වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
Monday, 16 November 2020 - 10:20 | Views - 332
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත්තේ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා පැය එකොලහමාරක කාලයක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි.
ඒ අනුව, වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝම්බුවල, පයාගල, බේරුවල, මග්ගොන, අලුත්ගම, දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
Share This Article