ඊයේ ආසාදිතයන් 704 සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි
Monday, 16 November 2020 - 9:43 | Views - 404

කොරෝනා මරණ 5 ක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගියා.
මියගිය ආසාදිතයින් 05 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඉන් දෙදෙනෙකු 88 වන වියේ පසුවනවා.
හෘදයාබාධ වැළදිම හේතුවෙන් මිය ගිය එම අසාදිතයින් දෙදෙනො කොළඹ 12 සහ 13 ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
අනෙක් මියගිය පුද්ගලයන් 3 දෙනා අතර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39, හැවිරිදි වියේ පසුවන පිළිකාවකින් පෙලුණු අයෙකු සිටින බව සඳහන්.
මියගිය අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් 54 හැවිරිදි ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ ද කොරෝනා ආසාදනය වීම නිසා දිර්ඝ කාලයක සිට පෙලුණු පිළිකා රෝගය උත්සන්න වීමයි.
79 හැවිරිදි මියගිය අනෙක් ආසාදිතයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මිය යාමට හේතුව පෙනහලු රෝගයක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 17,287 දක්වා ඉහළ ගියා.
ඒ, ඊයේ නව ආසාදිතයන් 704 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
ඊයේ හදුනාගත් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
මේ අනුව, මේ දක්වා වාර්තා වූ පෑලියගොඩ සහ දිවුලපිටිය පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 දක්වා ඉහළ ගියා.
ඒ අනුව, තවදුරටත් ආසාදිතයින් 5,734 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 171 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,495 දක්වා ඉහළ ගියා.
එසේම, ඊයේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 437 දක්වා ඉහළ ගියා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.
ඒ අනුව, සියලුම බන්ධනාගාර නිලධාරීන් අද පෙරවරු 8 පෙර බන්ධනාගාරවලට සේවය සඳහා වාර්තා කළ යුතු බව එහි පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළා.
මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.
මෙම රෝහල් සේවකයා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහෝදරයෙකුටද කොරෝනා වෛසරය අසාදනය වී ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ.
ඒ අනුව මේ වනවිට එම රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට වෛරසය අසාදනය වී තිබෙනවා.
එමෙන්ම එහි ළමයින් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු වෛසරය අසාදනය වු බව පසුගියදා වාර්තා වුණා.
Share This Article