අයවැය හෙට පාර්ලිමේන්තුවට
Monday, 16 November 2020 - 9:39 | Views - 340
2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පස්වරු 1.40 ට එම අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 4 ක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනිද්දා සිට ලබන 21 වනදා දක්වායි.

එම දිනවල දිනපතා අයවැය විවාදය සිදුකෙරෙන අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතයි.

රට තුළ පවත්නා තත්ත්වය හේතුවෙන් මෙවර අයවැය විවාදය පවත්වන දින ගණන සීමිත කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවීමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top