බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට
Monday, 16 November 2020 - 8:57 | Views - 314
සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අගමැති බොරිස් ජොන්සන් නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා.
ඔහු පසුගිය අප්‍රේල් මාසයේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර, නව ආශ්‍රිතයා මුණ ගැසී ඇත්තේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සිය නිල නිවසේ පසුගිය සතියේ පැවති රැස්වීමකදීයි.
56 හැවිරිදි බි්රතාන්ය අගමැතිවරයා මුල්වර කොරෝනා ආසාදනයේදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තිය දැන් නැවතත් ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දහතුන් ලක්ෂ 69,000 ඉක්මවා තිබෙනවා.
Share This Article