කොළඹ - කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීථිය අද සිට හුදෙකලා කෙරේ
Monday, 16 November 2020 - 8:54 | Views - 636
අද අලුයම පහේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කෙරුණා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශය ද අද අලුයම 5 සිට හුදකලා කළ අතර, ඒ අනුව මේවනවිට මෙරට හුදකලා කර ඇති මුළු පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 24 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මේ අතර, අද සිට හුදකලා කෙරෙන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය යන පොලිස් වසම් වල ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා සහ අධිකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, කොළඹ දක්වා බස්රථ සහ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි අද සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ වු බවයි.

අද අලුයම 5 සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද දිනයේදි කාර්යාල දුම්රිය ඇතුළු ගමන්වාර 80 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි ගමනාගමන අධිකාරී රංජිත් පත්මලාල් කියා සිටියේ.

පෞද්ගලික බස්රථ ද අද සිට සාමන්‍ය පරිදි ධාවනය වනවා. හුදකලා ප්‍රදේශ වල කිසිදු පොදු ප්‍රවාහන සේවයක් නොනවත්වා ධාවන විය යුතු බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ වනවිට කොටුව බස් නැවතුම්පොල සහ දුම්රිය ස්ථානය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top