ට‍්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව යෑම ප‍්‍රතික්ෂේප කරයිද?
Monday, 16 November 2020 - 8:41 | Views - 345
අවුරුදු 244ක ඇමෙරිකානු ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයක් පරාජය වීමෙන් පසු ධවල මන්දිරයෙන් පිටව යෑම කිසිදාක ප‍්‍රතික්ෂේප
කරනු ලැබ නැත.

විධිමත්, නීතියට අනුකූලව සහ සාමකාමී බල හුවමාරුව ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුල්බැසගත් සිද්ධාන්තයකි.

එවැනි පරිසරයක ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, තමා ජෝ බයිඩන්ට පරාජයට පත් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය බැහැරකරනු ලැබීම ඇමෙරිකානු ඉතිහාසය තුළ අලූත්
තත්ත්වයක් නිර්මාණය කරන අතර, එමගින් එක්සත් ජනපදය තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිකරනු ඇත.

එසේම, මෙම අලූත් හැඩගැසීම් නිසා කලින් කිසිදාක සිදු නොවූ ප‍්‍රවණතා සැලකිල්ලට ගැනීමේ අභියෝගය දැන් විශ්ලේෂකයන් ඉදිරියේ තබයි.

නොවැම්බර් 03 වෙනිදා පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ජෝ බයිඩන් ජයග‍්‍රහණය කළ බව එක්සත් ජනපදයේ ප‍්‍රධාන දහරාවේ මාධ්‍ය මගින් නිවේදනය කරනු ලැබෙමින් පවතිද්දී ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වොෂිංටනයෙන් පිටත ක‍්‍රීඩාංගණයක ගොල්ෆ් ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටියේය.

එයින් ටික වේලාවකට පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත කණ්ඩායම විසින් නිකුත්කරන ලද නිවේදනයක් මගින් කියැවුණේ ‘‘ජනාධිපතිවරණ සටන තවමත් නිම නොවූ බවකි’’. ‘‘ජෝ බයිඩන් ජයග‍්‍රාහකයා ලෙස ව්‍යාජ ලෙස කඩිනමින් ඉදිරිපත්වීමට හේතුව කුමක්ද කියල අපි සියලූ දෙනාම දන්නවා. ඒ වගේම ඔහුගේ මාධ්‍ය පිරිවර ඔහුට උදව්කරන්න මේ තරම් උත්සාහ දරන්නේ ඇයි කියල අපි දන්නවා. ඔවුන්ට සත්‍යය හෙළිදරව් කරන්න වුවමනාවක් නැහැ’’ සිය ප‍්‍රකාශනයක් මගින් ජනාධිපති ට‍්‍රම්ප් කියා සිටියේය.

‘‘සරල කාරණය තමයි-ජනාධිපතිවරණය තවමත් ඉවර වුණේ නැහැයි කියන එක. මැතිවරණ සටන දිගටම පෙරට යමින් පවතිනවා’’ ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔහු ප‍්‍රකාශිත ප‍්‍රතිඵලයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වන බවය. එමගින් ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරණයේ දී ප්‍රෝඩා සිදුව ඇති බවකි.

ඇමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව අනුව, බලයේ සිටින වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වීම ලබන වසරේ ‘‘ජනවාරි මාසයේ විසිවෙනිදා අපරභාගයේ’’ සිදුවෙන බව ඉතා පැහැදිලි ව්‍යවස්ථාමය කොන්දේසියකි.

නොවැම්බර් 03 දා පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් ‘‘ඡන්ද විද්‍යාලයෙහි’’ (ෑකැජඑදර්ක ක්‍දකකැටැ*
මුළු ඡන්ද 538න් ජයග‍්‍රහණයට අවශ්‍ය 270 ටත් වඩා අධික ඡන්ද සංඛ්‍යාවක් දිනාගෙන ඇත. එම ප‍්‍රතිඵලය අනුව ඉදිරි වසර හතරක කාලය තුළ ඇමෙරිකානු ජනාධිපති පදවියේ කටයුතු කිරීමට ඔහුට අයිතියක් ඇත.

ඒ අතරම, එම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට අභියෝග කිරීමේ නෛතික සහ තර්කානුකූල අයිතිය තවමත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සතුවෙයි. එහෙත් ට‍්‍රම්ප් විසින් ඉදිරිපත්
කරනු ලබන මැතිවරණ අක‍්‍රමිකතාවලට අදාළ චෝදනා අධිකරණය ඉදිරියේ නුදුරු අනාගතයෙහි තහවුරු කරගැනීමට අසමත් වුවහොත් මීළඟ ජනාධිපතිවරයාට
ධූරයේ වැඩ භාරගැනීමට ඉඩදෙමින් ලබන වසරේ ජනවාරි විසිවෙනිදා ඔහු පදවියෙන් ඉවත්ව යායුතුව ඇත.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ අනතුරු ඇඟවීමේ ස්වරයකින් පැහැදිලි ලෙසම කියා සිටියේ ඔහු පරාජයක් භාර නොගන්නා බවකි.

මැතිවරණ නිලධාරීන් කුමක් ප‍්‍රකාශ කළත් තමා දිගටම බලයේ රැඳී සිටින බව ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේය. ඔහු එම ප‍්‍රකාශන මගින් ඉස්මතුකර දක්වන ලද්දේ තමා පරාජය කළ හැක්කේ මැතිවරණ වංචාවක් සිදුකළහොත් පමණක් බවය.

මේ තත්ත්වය යටතේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහු විසින්ම අනතුරු අඟවනු ලැබ ඇති පරිදි, දිගටම බලයේ එල්ලී සිටියොත් උද්ගත වියහැකි තත්ත්වය පිළිබඳව ඇමෙරිකානු ජනතාව දැන් සිටම කතා කරන්නට පටන්ගෙන ඇත.

අද උද්ගතව පවතින මෙම උපන්‍යාසයන් සම්බන්ධයෙන් ජෝ බයිඩන් ද සිය ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී අදහස් දක්වා ඇත.

ජූනි මාසයේ 11 වෙනිදා රූපවාහිනී සාකච්ඡුාවක දී ප‍්‍රහසන කලාකරුවකු වන ට‍්‍රවෙර් නෝවහ් ජෝ බයිඩන් වෙත ප‍්‍රශ්නයක් යොමුකරමින්,

‘‘පරාජිත ට‍්‍රම්ප් ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයෙන් ඉවත්ව යෑම ප‍්‍රතික?ෂේප කරනු ඇද්දැයි ඔබ සිතන්නේ දැයි’’ විමසා ඇත.

‘‘ඔව්, මම ඒ ගැන හිතල තියෙනවා‘‘ යන්න බයිඩන්ගේ පිළිතුර විය.

තවදුරටත් කරුණු පැහැදිලි කරමින් බයිඩන් කියා සිටියේ, ට‍්‍රම්ප් එලෙස දිගටම රැඳී සිටීම වළක්වාලීමට යුද හමුදාව මැදිහත් වනු ඇති අතර, එමගින් ඔහු ධවල
මන්දිරයෙන් ඉවත් කරනු ලැබීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි’’ බවය.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය තීන්දුකරනු ඇත්තේ අපේක්ෂකයන් නොව මහජනයා යැයි ජෝ බයිඩන් කළ
අවධාරණය, ඔහුගේ ප‍්‍රචාරක ව්‍යාපාරය විසින් ද පසුගිය සිකුරාදා (නොවැම්බර් 06* නිකුත්කරන ලද ප‍්‍රකාශනය
මගින් තහවුරු කරනු ලැබුණි.

‘‘ඇමෙරිකානු ජනතාව විසින් ජනාධිපතිවරණය තීන්දු කරනු ඇත. ධවල මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් ඉන් ඉවත් කිරීමට එක්සත් ජනපද ආණ්ඩුවට
සම්පූර්ණ හැකියාව ඇත’’ යනුවෙන් එහි දැක්වෙයි.

ඒ අනුව, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති නිල නිවසෙන් ඉවත් කිරීමේ කාර්යය සපුරාලීම එක්සත් ජනපද ෆෙඩරල් නීති ක‍්‍රියාත්මක කිරීමේ බලකායට  හෝ ජනාධිපති රහස්‍ය ආරක්ෂක අංශයට  පැවරෙනු ඇත.

ඇමෙරිකානු රහස්‍ය ආරක්ෂක අංශය යනු ජනාධිපති ආරක්ෂාව සැලසීම භාර සිවිල් ආයතනයකි. එහෙත්, සියලූ හිටපු ජනාධිපතිවරුන්
ආරක්ෂා කිරීම සඳහා ද එම ආයතනය නීතියෙන් බැඳී ඇත. ඒ අනුව, ලබන වසරේ ජනවාරි මස විසිවෙනිදාට
පසුවත් ජනාධිපති ට‍්‍රම්ප්ට ආරක්ෂාව සැලසීම සඳහා එම ආයතනය දිගටම කටයුතු කරයි.


දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top