කොරෝනා වෛරසය දවස් 3ක් පුරා මතුපිට පෘෂ්ඨයක නොමැරී රැඳී තිබෙනවා
Monday, 16 November 2020 - 8:35 | Views - 531
කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත නොමැරී පවතින නිසා මෙම වෛරසය මිනිසා අතර ඉතා ශීඝ්‍රයෙන් බෝවී යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටිනවා.
වෙනත් වෛරස මෙන් නොව කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු පෘෂ්ඨයක් මත සක්‍රීය ව පැවතීම ඉතා භයානක තත්ත්වයක් බවද පාදෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ හේතුව නිසා ඔබ කාර්යාලයේදී, පොදු වාහන භාවිතා කරද්දී මෙන්ම නිවසින් බැහැරව සිටින ඕනෑම අවස්ථාවක භාණ්ඩ මෙන්ම පුද්ගලයන් ස්පර්ශය ඔවුන් සමග සමීපව කටයුතු කිරීම අවම මට්ටමක තබා ගැනීමට කටයුතු කළ යුතු බවද අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටිනවා.
සබන් හෝ විෂබීජ නාශක දියර යොදා නිතර අත සේදීමෙන් මෙම වෛරසය තමන් වෙත ආසාදනය වීම වළක්වා ගතක හැකි බවද ඔහු පවසන අතර කොරෝනා වෛරසය ජලය හෝ මළද්‍රව්‍ය සමග මිනිස් ශරීරයට ඇතුළු වීමේ අවදානම ගැන තවමත් කිසිදු පරීක්ෂණයකින් සනාථවී නොමැති බවත් ඔහු පවසනවා.
Share This Article