බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය ගැන සොයන්න කමිටුවක්
Saturday, 14 November 2020 - 8:34 | Views - 311
බන්ධනාගාර කිහිපයකට ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පැතිර යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් කොවිඞ් නිවාරණ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ප්‍රකාශ කළා.
මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල රැදවියන් 180කට කොරෝනා ආසාදනය වී ඇති බවයි ඔහු කියා සිටියේ.
දැනට කොළඹ, බෝගම්බර, බූස්ස, මාතර සහ කුරුවිට යන බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වනවා.
Share This Article