නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්
Saturday, 14 November 2020 - 8:30 | Views - 1,128
බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එම රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් නිවසට වී නොසිට වහාම රෝහල්ගතවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඉල්ලීමක් කළා.

ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ නිරෝධායනය වන පුද්ගලයෙකුට නිධන්ගත රෝග ආශ්‍රිත  සංකූලතා මතුවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන ලෙසයි.

නිරෝධායනය නොවන සාමාන්‍ය නිවසක පුද්ගලයෙකුට එවැනි සංකූලතාවක් ඇතිවුවහොත් 1990, අංකයෙන් ගිලන් රථ සේවා සපයා ගත හැකියි.

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ 1999 සහ 011 3 422 558 යන අංක ඔස්සේ ද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය සහ ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 72 කු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද අලුයම කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණියා.

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top