මෝදර සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් 7ක් අත්අඩංගුවට
Friday, 13 November 2020 - 14:44 | Views - 379
හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන කැමරා යොදාගනිමින් මෝදර ප්‍රදේශයේ අද (13) සිදුකළ මෙහෙයුමකදී නිරෝධායන නීති කඩකළ තවත් පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය හා ගුවන් හමුදාව එක්ව සිදුකළ මෙම විශේෂ වැටලීමේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article