පාර්ලිමේන්තුවට යළි එන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමකින් බැසිල්ට ලිපියක්
Friday, 13 November 2020 - 13:27 | Views - 954
කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මෙරටට ගෙන්වා ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනවා.
විවාදයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඊට කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, නලීන් බණ්ඩාර ද මැදිහත් වුණා.
මේ අතර, යළි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ඊයේ ලිපියක් භාර දී තිබෙනවා.
Share This Article