ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹින්
Friday, 13 November 2020 - 10:33 | Views - 743
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 373 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව 271ක්.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 46 ක්, කළුතරින් 12 ක්, කෑගල්ලෙන් 10 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4 දෙනෙකු බැගින් ඊයේ හමුවුණා.
කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් දෙදෙනෙකු සහ පුත්තලම, රත්නපුර, හම්බන්තොට, මාතලේ යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයෙකු බැගින් සොයාගැනුනු බවයි.
එසේම තවත් පොලිස් නිලධාරීන් විසිදෙනෙකුද ඊයේ ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, විදේශ රටවලින් මෙරටට පැමිණි පුද්ගලයින් හතර දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
Share This Article