ජෝ බයිඩින් කියන්නේ මෝටර් රථවලට වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයෙක්. ඔහු සතුව සුවිශේෂි මෝටර් රථයක් පවතිනවා.
ඒ, 1967 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද Corvette Stingray කියන මෝටර් රථයයි.
ඔහු උපජනාධිපති වී සිටින අවස්ථවේදී පවා මේ රථය පැදවීමට දැඩි කැමැත්තක් දැක්වුවා. නමුත් එය අභියෝගයක්. මෙවැනි විවෘත වාහනයක රාජ්‍ය නායකයෙකුට ගමන් කිරීමට නුසුදුසුයි.
නමුත් ජෝ බයිඩින් උප ජනාධිපති ධූරයෙන් සමුගත් පසුත් මේ වාහනය පැදවීමෙන් තමන් ඉතාමත් තෘප්තියක් ලබන බව පවසා සිටිනවා.
මෙම රථය ඔහුට ලැබුණේ සිය පියාගෙනි. එය සිය පියාට ලැබුණු තෑග්ගකි. පසුව ඔහුට මෙම රථය ලැබුණු පසු එය පවුලේ වටිනා වාහනයක් ලෙස තවමත් සුරැකිව තබා ගෙන තිබෙනවා.
මෙය ඉතා වේගයෙන් පැදවිය හැකි වාහනයක් වන අතර නිල රථයේ ගමන් කිරීමට සිදු වුවත් ජෝන් බයිඩින් තවම කියාසිටින්නේ, බොහොම දීප්තිමත් දවසක උදෑසනක මෙම රථය පදවාගෙන යෑම තම සිතේ නිරන්තරයෙන් තිබෙන ආශාවන්ගෙන් එකක් බවයි.
මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් 75,000ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි.........


