වසර ගණනාවක් තිස්සේ කාටත් හොර රහසේ දරුවන් 8දෙනෙකු ඝාතනය කර තවත් දරුවන් 10ක් මැරීමට තැත් කළ හෙදිය
Friday, 13 November 2020 - 9:50 | Views - 309
අලුතෙන් ඉපදෙන බිලිදුන් 8ක් ඝාතනය කිරීම හා දරුවන්  10ක් මැරීමට තැත් කිරීම යන චෝදනා මත Lucy Letby නමැති 30 හැවිරිදි හෙදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණනය කිරීම අනුව දරුවන් 10ක් මැරීමට තැත් කර ඇතත් ඊට වඩා සංඛ්‍යාවක දරුවන් මැරීමට තැත් කර ඇති බවට විශ්වාස කරන බවත් පොලිසිය හා ඇය සේවය කර ඇති එංගලන්තයේ Chester රෝහලේ ළමා අංශය සඳහන් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

2015, 2016 යන වර්ෂවල සිට ඇය පිළිබඳව රෝහලේ සේවකයින්ට සැකසිති ඇති අතර 2018 වර්ෂයේ පොලිසියට ලැබුණු ඇමතුමකට ඇයව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ඇති බවත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සඳහන්. එහෙත් ඇය එම මරණවලට වගකිව යුතු බවට ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම හේතුවෙන් ඇය නිදහස් වී ඇති අතර වැඩිදුරත් පරීක්ෂණ පවත්වා තිබෙනවා.

එම සියලු අවස්ථාවකම ඇයගේ හොඳම යෙහෙළිය සාක්ෂි දෙමින් කියා ඇත්තේ රෝහලේදී පමණක් නොව පෞද්ගලික ජිවිතයේ පවා අහිංසක ගුණයහපත් බවක් ලෙස ලුසිව හදුන්වා දීමට පුළුවන් බවයි. කෙසේ නමුත් පසුගියදාද  දරුවෙකු මැරීමට ලූසී තැත් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඇයව අත්අඩංගුවට ගැනීමටත් නඩු පැවරිමටත්  පොලිසිය කටයුතු කර ඇති බවත් සඳහන්. එලෙසින් දරුවන් මැරීම හා දරුවන් මැරීමට තැත් කිරීමට හේතුව තවමත් හෙළි කරගැනීමට නොහැකි වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top